සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්. 

බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්. 

බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්. 

වර්තමානයේ ලොව පවතින්නේ  ප්‍රබල බලශක්ති අර්බුදයකි.  ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති වර්තමාන ශ්‍රී ලංකාවද  මේ  අර්බුදයට මුහුණ පා සිටී. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණක දේශයක්  නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත්  ආණ්ඩුකාර නීතීඥ  ලලිත් යූ. ගමගේ මහතාගේ  උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න  මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන  “ බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය” පිළිබඳ  රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක්  2022-11-04 දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණි.  

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩබ්.ජී .එම් කුමාර මහතාගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook