පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, පළාත් පාලන ආයතනවල වාර්ෂික සැලසුම් වලට අනුකූලව විධිමත් මුල්‍ය පාලනයක් ඇති කිරීම හා ඊට අදාල ලිපි ලේඛන පවත්වාගෙන යාම තුළින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමයක් ඇති කර ආයතනයේ ඵලදායිතාවය වැඩි දියුණු කිරිමේ අරමුණ ඇතිව, පළාත් පාලන ආයතනයන් හි සේවයේ නියුතු විෂය භාර නිළධාරින් සහ නවක ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානයේ දි, 2022.11.15 දින පැවැත්විනි.
මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි එම්.ජී.කේ.ආර්. බණ්ඩාර මහතා විසින් ලබාදුන් අතර පළාත් පාලන කොමසාරිස්වරයා වෙනුවෙන් සහකාර පළාත් පාලන කොමසාරිස් සුනිල් හේරත් මහතා සහභාගි විය.