සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය

ධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද දින (18 ) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

මෙම වැඩසටහනේ දී කාර්යාල කලමනාකරණය එහි මුලධර්ම හා කාර්යාල ක්‍රම පිළිබදව දැනුවත් කිරීම මධ්‍යම පළාත් නිවාස කොමසාරිස් කණිෂ්කා වඩුගොඩ මහත්මිය විසින් සිදුකරන ලද අතර දෙවන සැසිය ලෙස පළාත් සභාවේ මුල්‍ය කලමනාකරණ ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබදව දැනුවත් කිරීම පළාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ ) අබ්දුල් කාදර් මහතා විසින් සිදු කරන ලදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook