සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

හඟුරන්කෙත දියතිලක පුස්තකාලය , ‘ඊ’ පුස්තකාලයක් වෙයි

හඟුරන්කෙත දියතිලක පුස්තකාලය , ‘ඊ’ පුස්තකාලයක් වෙයි

හඟුරන්කෙත දියතිලක පුස්තකාලය , ‘ඊ’ පුස්තකාලයක් වෙයි හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව යටතේ පවතින දියතිලක මහජන පුස්තකාලය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ද සහිත ව ‘ඊ’ පුස්තකාලයක් බවට නිල වශයෙන් පත් කිරීම පසුගිය (15) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මහජන පුස්තකාල ‘ඊ’ පුස්තකාල බවට පත් කෙරෙන්නේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නියාමනය යටතේ ය. මෙ තුළින් පාඨකයනට අවශ්‍ය පොත් වඩා පහසුවෙන් හා කඩිනමින් සොයා ගත හැකිවේ. එසේම විවිධ පර්යේෂණ කාර්යයන්ට ලැබෙන්නේ ද මනා අවකාශයකි. පොත පත පරිශීලනයට අදාළ අනාගත ක්‍රමවේද සමඟ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධ වනු ඇත. මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ‘ඊ’ පුස්තකාලය යි. මේ අවස්ථාවට ආණ්ඩුකාර මහජන සම්බන්ධිකරණ ලේකම් එස්.බී. රත්නායක මහතා ද , හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.බී.ඉලංගන්තිලක මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය ද, උඩ පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ද , හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම් සේනානායක මහතා ද, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. සභා ලේකම් සී.පී.කේ.දිනපූර්ණ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වැඩසටහන සංවිධානය කළහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook