
නවීකරණය කරන ලද උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ජනතා අයිතියට.
නවීකරණය කරන ලද උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ජනතා අයිතියට.
දෛනිකව පැමිණෙන රෝගින්ට ප්‍රතිකාර ගැනීමේ පහසුව, ගුණාත්මක හා ඵලදායී සෞඛ්‍ය සේවයක් ලබාදීමේ අරමුණින් නවීකරණය කරන ලද උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පසුගිය (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම අවස්ථාවට සමගාමීව ආයුර්වේද බෙහෙත් ශාලාව පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහන ද සංවිධානය කෙරිණි. මෙම ගොඩනැගිලි ඉදිකර ඇති ඉඩම හෙක්ටයාර් 0.155 ක් පමණ වන අතර මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 16.08 කි.
මෙහිදී ගඟවටකෝරලේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලක්ශාන්ත ගුණසිංහ මහතා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක වැදගත්කම හා එහි කාර්යභාරය මුල්කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දේශනයක්ද පැවැත්වීය. දේශීය ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මී වීරසේකර මහත්මිය විසින් දේශීය ආහාර වර්ග හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීය.
මෙම අවස්ථාවට මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපති තුමිය, ආණ්ඩුකාර ලේකම්තුමා, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.