
කඳුරට ගුවන් විදුලියේ බෞද්ධ සන්නිවේදක ජයන්ත ටී. හේරත් මහතා විසින් රචිත “ප්‍රභාතය” කෘතිය ජනගත කෙරේ.
කඳුරට ගුවන් විදුලියේ බෞද්ධ සන්නිවේදක ජයන්ත ටී. හේරත් මහතා විසින් රචිත “ප්‍රභාතය” කෘතිය ජනගත කෙරේ.
වැඩසටහන් නිෂ්පාදක වරයෙකු ගීත රචකයකු චිත්‍රපට හා බලි නාට්‍ය නළුවෙකු වූ ජනතා මහතා ගුවන් විදුලි නිවේදක යෙකු ලෙස 31 වසරක අත්දැකීම් සහිත සන්නිවේදකයෙකි.
ඔහු විසින් නිතිපතා ඉදිරිපත් කරන “ප්‍රභාතය” නම් ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වූ මධ්‍යම පළාතේ ජීවත් වන විසිද චරිත 137 ක ජීවන හා වෘත්තීය අත්දැකීම් තුලින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
අස්ගිරි මහා විහාරීය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙන්දරුවේ උපාලි අභිදාන මාහිමි පානන්, කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුවේ ලේකඛධිකාරී පූජ්‍ය නාලන්ධාභිදාන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛව පූජ්‍ය පක්ෂයත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේත් සම්මානිත මහාචාර්ය එච්.එම.ආර්.ඩී. හේරත් මහතා ඇතුළු විද්වතුන්ගේත්, විශේෂඥ වෛද්‍ය තිලක් මහතා ඇතුළු වෛද්‍ය වෘතිකයන්, විවිධ මට්ටමේ ප්‍රවීනයගේ තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුලත් කොට ඇත.
ප්‍රභාතය ග්‍රන්ය දොරට වැඩුම පසුගිය දා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය එම්.එස්.ලමාවංශ මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විය.