සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ගැටඹේ රාජෝපවනාරම  විහාරාධිපති අතිපූජ්‍ය  කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන ස්වාමීන් වහන්සේ  මහා විහාර වංශික  ශ්‍රී ලංකා රාමඤඤ  මහා නිකායේ අනුනායක පදවියට  අභිනවයෙන් පත් කෙරේ.

ගැටඹේ රාජෝපවනාරම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන ස්වාමීන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක පදවියට අභිනවයෙන් පත් කෙරේ.

ගැටඹේ රාජෝපවනාරම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන ස්වාමීන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක පදවියට අභිනවයෙන් පත් කෙරේ. මෙයට අදාළ අක්තපත්‍ර හා විජිනිපත පිළිගැන්වීමේ මහෝත්සවය පසුගිය (18) පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරම විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම උළෙලට ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුද, කැබිනට් භා රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ද, මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් ද, හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා හා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද, ගිහි ප්‍රභූ පිරිසක්ද, දායක සභාවේ මහත්ම මහත්මීහු ද , දහම් පාසල් සිසුහු ද එක්ව සිටියහ. උළෙල සංවිධානය කළේ එහි සංවිධායක කමිටුවේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම් යටතේ යි. අභිනව අනුනායක හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ය. විජිනිපත පිළිගැන්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. අනුනායක හිමියන් ගා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය අලලා රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක් ද ඒවායේ සංස්කාරකවරුන් විසින් මහා සංඝරත්නය වෙත හා ආරාධිත ගිහි ප්‍රභූන් වෙත පිළිගන්වනු ලැබී ය. මහා සංඝරත්නයේ අනුශාසනා කිහිපයකින් ද උළෙල සමන්විත විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook