
මහනුවර ද්විභාෂා අධ්‍යාපන විවාද තරගාවලියේ ජය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට.
මහනුවර ද්විභාෂා අධ්‍යාපන විවාද තරගාවලියේ ජය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට.
අපේ අධ්‍යාපන විෂය නිර්දේශයන් රජයෙන් රජයට වෙනස් වන ක්‍රමයක් තියෙන්නේ. මෙම තත්ත්වය වෙනස්කර අනාගතය දිනන දරුවෙකු සමාජගත කිරීම වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදිමත් කිරීම කාලින වූ අවශ්‍යතාවයක්. රටේ අනාගතය දරුවන් . යහපත් පුරවැසියෙකු සමාජගත කිරීමේ පදනම වන්නේ අධ්‍යාපනයයි. අභියෝග ජය ගනිමින් ,රටට දැයට ආදරය කරන පුරවැසියෙක් බිහිකිරීම කාලින වූ අවශ්‍යතාවක් .රටක් ලෙස අපි දරුවන්ට නොමිලේ ලබාදෙන දේවල් වෙනත් රටවල මුදල් ගෙවා ලබාගත යුතුයි. ඒ නිසා රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම ඔබ සැමගේ යුතුකමක් හා වගකීමක්යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර අධ්‍යාපන කලාපයේ ද්විභාෂා අධ්‍යාපන විවාද තරගාවලියේ අවසන් තරගය සහ සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත්දා (20) ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.
ද්විභාෂා ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රචලිත කිරීම හා දරුවන්ගේ භාෂා කුසලතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් ද්විභාෂා අධ්‍යාපන විවාද තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක් මෙම විවාද තරගාවලිය සදහා සහභාගී වූ අතර , අවසන් තරගය සදහා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සුදුසුකම් ලබා පැවතුනි. අවසන් තරගයේදී ලකුණු 82ක් ලබාගනිමින් සමස්ත තරඟාවලියේ ජය හිමිකර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල විවාද කණ්ඩායම සමත් විය. තරගාවලියේ අනුශුරතාවය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමි වූ අතර (ලකුණු 76) , තරගාවලියේ තෙවන ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට හිමි විය.
අවසන් තරගයේ දක්ෂතම කථිකයා ලෙස කිංග්ස්වුඩ් විද්‍යාලයේ සශේන්ද්‍ර තිලකරත්න සිසුවා ද, සමස්ත තරගාවලියේ විශේෂ දක්ෂතා සහිත කථිකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සවින් නීලවතුර සිසුවා ද සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්.විජේරත්න යන මහත්වරුන් ඇතුලු සහකාර අධ්‍යක්ෂවරුන් ,විදුහල්පතිවරුන් , ගුරුවරුන් හා සිසුදරුවන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ