සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

'තිරසර පරපුර' සහතික පත් පිරිනැමේ.

'තිරසර පරපුර' සහතික පත් පිරිනැමේ.

'තිරසර පරපුර' සහතික පත් පිරිනැමේ. රටේ අභිවෘද්ධිය පිණිස පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය ඒකාබද්ධව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බවත්, පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව, ප්‍රමිතිය හා ඵලදායිතාව රාජ්‍ය අංශයේ සාර්ථකත්වය වෙනුවෙන් ඉවහල් කර ගත යුතු බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පවස යි. පළාත් ප්‍රධාන ලේකම් රාජරත්න මහතා මේ අදහස් පළ කළේ පසුගිය (20) පස්වරුවේ පල්ලෙකැලේ කර්මාන්ත උද්‍යානයේ පිහිටි එම් ඒ එස් ඉන්ටිමේට්ස් ලීනියා ක්ලෝතින් ආයතනය (MAS INTIMATES LINEA CLOTHING) විසින් මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ පාසල් සිසුන් විෂයෙහි පවත්වන ලද පාරිසරික තිරසරබව ඉලක්ක කරගත් තිරසර පරපුර ව්‍යාපෘතියට අදාළ පස් දින පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන් වෙත සහතික පත් පිරිනැමීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ලීනියා ක්ලෝතින් ආයතනය සමාජයීය වශයෙන් ඉටු කරලන මේ කාර්යය ඔහුගේ විශේෂ ඇගැයීමට පාත්‍ර විය. පල්ලෙකැලේ ලීනියා ක්ලෝතින් ශ්‍රවණාගාරයේදී පැවැති මේ උළෙලට මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම් . විජේරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, විදුහල්පතිවරුන් පිරිසක් ද , ලීනියා ක්ලෝතින් හි ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියහ. සහතික පත් පිරිනැමුණේ ධර්මරාජ, මහාමායා,විද්‍යාර්ථ, බදියුදීන් බාලිකා, සරසවි උයන, කිංස්වුඩ්, හින්දු ජාතික පාසැල, සීතාදේවි, මහානාම, ඩී.එස්.සේනානායක, ශාන්ත අන්තෝනි බාලිකා, සුමංගල, මයිලපිටිය මහා විද්‍යාලය, පුෂ්පදාන බාලිකා, ශාන්ත සිල්වෙස්තර, විහාරමහාදේවි බාලිකා, රණබිම රාජකීය, ලුම්බිණි රාජකීය, ස්වර්ණමාලි බාලිකා, කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලය, ගම්ඉම බණ්ඩාරනායක යන පාසල් නියෝජනය කළ සිසු සිසුවියන්ට ය. උළෙල සංවිධානය කරනු ලැබුවේ ලීනියා ක්ලෝතින් හි සාමාන්‍යාධිකාරී උදේශි රත්නායක මහත්මිය ඇතුළු එහි මානව සම්පත් කළමනාකරණ අංශයේ නිලධාරීන් විසිනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook