සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට.

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට.

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට. මැදරට දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දිගන මප /වත් රජවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණ. හරිත පාසල් සංකල්පය යටතේ රුපියල් මිලියන 120 ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල ප්‍රාථමික හා ද්විතියික අංශ සඳහා වෙන් කෙරේ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය රටක සංවර්ධනයට වැදගත් ආයෝජනයක් වන අතර, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ජාතික ප්‍රතිපත්තියක් තවමත් නොමැතිකමින් පාසල් වෙත සම්පත් බෙදී යාමේ ගැටළු,පාසල් සඳහා දරුවන් ඇතුලත් කරගැනීමේ අර්බුද , නගරයේ සම්පත් සහිත පාසල් සඳහා දරුවන් යොමු වීම, විශේෂයෙන් රාජ්‍ය වියදම් වලින් අධ්‍යාපනය සඳහා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්වීම යනාදිය අධ්‍යාපනය සංවර්ධනයට බාධාවක් වී ඇති බවත් මේ සඳහා ජාතික ප්‍රතිපත්තියකින් අධ්‍යාපන ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තුලින් අධ්‍යාපන ක්ෂත්‍රය සාර්ථකව පවත්වාගෙන ය හැකි බවත්ය. පාසල් දරුවන්ගේ විචිත්‍රාංගයන්ගෙන් සමන්විත වූ මෙම අවස්ථාවට ගරු ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දර්ශනපති කහගල සීලානන්ද ස්වාමීන්වහන්සේ, දිගන රජවැල්ල රාජවාළුකාරාම පුජ්‍ය පිල්හත මහානාම හිමි ප්‍රමුඛ සංඝරත්නය හා මුස්ලිම් පුජකතුමන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමවංශ ,මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) මංජුල මඩහපොල, , පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්ය නිලධාරීන් , ගුරුවරුන් දරුවන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුහ..

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook