සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වර්ෂාව බිලි ගත් දරුවන්ගේ අවසන් කටයුතු සදහා පළාත් සභාවෙන් මුල්‍ය ආධාර .

වර්ෂාව බිලි ගත් දරුවන්ගේ අවසන් කටයුතු සදහා පළාත් සභාවෙන් මුල්‍ය ආධාර .

වර්ෂාව බිලි ගත් දරුවන්ගේ අවසන් කටයුතු සදහා පළාත් සභාවෙන් මුල්‍ය ආධාර . අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් සහ පස් කන්දක් කඩා වැටී 18 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයෙක් හා තරුණියක් ජීවිතක්ෂයට පත් විය. එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් නිවස මතට කඩා වැටී ඇති අතර ඉන් සිදුවූ අනතුරෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලබා අයෙක් රෝහල්ගත කර ඇතැයිද සඳහන් වේ. පුද්ගලයින් පස්දෙනෙක් එම නිවසේ සිට ඇති බවත් එම අනතුරෙන් 12 හැවිරිදි දැරියක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු පළාත් සභාවේ නිලධාරින් එම ප්‍රදේශයට ගොස් විපත් පත් වුවන් පිලිබදව විමසා බැලු අතර ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් පළාත් සභාවේ මැදිහත් වීම ලබා දීමට පියවර ගනු ලැබිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි ජිවිතක්ෂයට පත් දරුවන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය අරමුදලෙන් රුපියල් 50,000.00 බැගින් ලබාදීමට කටයුතු කරනු ලබන බව අරමුදලේ ලේකම් සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පැවසිය. මියගිය දරුවන්ගේ දේහයන් ජම්බුගහපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ ය=තැන්පත් කොට ඇති අතර මෙම මෘත දේහයන් පිළිබදද ප්‍රධාන ලේකම් වරයා විමසා බැලිය. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ සහ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ද ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook