
විපතට පත් වන ජනතාවට සේවා ලබාදීමට විශේෂ අපදා තොරතුරු ඒකකයක්.
පළාතේ ආපදාවන් පිලිබදව කඩිනමින් තොරතුරු ලබා ගැනීම සහ අවශ්‍ය සහායක ආයතන අතර සම්බන්ධිකරණයන් සිදු කොට විපතට පත් වන ජනතාව වෙත සේවා ලබාදීමේ අරමුණෙන් විශේෂ අපදා තොරතුරු ඒකකයක් මහනුවර යටිනුවර විදියේ මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කෙරෙනි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුව , පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඒකකය ක්‍රියාත්මක කෙරෙන අතර මහනුවර, මාතලේ සහ නුවර එලිය යන දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් වරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් . මාර්ග ,සෞඛ්‍ය , ආරක්ෂක , අපදා කළමනාකරණ සහ සමාජ සුබ සාධන ඇතුළු අංශ හරහා තොරතුරු ලබා ගැනීමට සහ අදාළ අංශ වෙත යොමු කිරීමට සැලසුම් කොට ඇති බව ප්‍රධාන ලේකම් වරයා දැනුම් දෙයි.
ඔබ ප්‍රදේශයේ හෝ අවට යම් අවධානමක් වේනම් එවන් තත්වයන් පිලිබදව වහාම ගමේ ග්‍රාම නිලධාරිවරයා මගින් ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දෙන ලෙසත් , අදාල සියලු කණ්ඩායම් වට්ස් ඇප් සමුහයක් මගින් එක් කොට ඇති අතර අවශ්‍යතා අනුව කඩි නමින් මධ්‍යම පළාත් සභාවේ අවශ්‍ය සහායන් ලබා දීමට කටයුතු කරනු ලබන බවත් වැඩිදුරටත් ප්‍රධාන ලේකම්වරයා දන්වා සිටියි.