
පේෂකර්මාන්ත ශිල්පී ප්‍රණාම හා 'පෙහෙකම් ප්‍රභා 2022' අත් යන්ත්‍ර රෙදි පිළි අලෙවි ප්‍රදර්ශනය.
මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කළ පේෂකර්මාන්ත ශිල්පී ප්‍රණාම උළෙල 2022 ඊයේ (24) පස්වරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් තෙවන මහලේ පැවැත්වෙන 'පෙහෙකම් ප්‍රභා 2022' අත් යන්ත්‍ර රෙදි පිළි අලෙවි ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි. මෙහිදී පේෂකර්මාන්ත නිර්මාණ තරග ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් ජයගත් පේෂකර්ම උපදේශිකාවන් හා කාර්මිකාවන් 152 දෙනෙකුට සම්මාන, ත්‍යාග හා සහතික පත් පිරිනමන ලදී. මේ තරග අයිතම ගණනාවක් යටතේ ය. උළෙල පැවැත්වූයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි .පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා , ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිදිගොඩ යන මහත්ම මහත්මීන්ද, පලාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු කාර්‍ය මණ්ඩලයද මේ අවස්ථාවට එක්ව සිටියහ .