
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ.
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ.
ලෝකය ප්‍රබල බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටී. ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ද මෙහි කොටස් කරුවෙකි. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණක දේශයක් නිර්මාණය කිරීම බරපතළ අවශ්‍යතාවක් ව පවතී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත හා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් , මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිඳකුඹුර මහත්මියගේ ආරාධනයෙන් බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 2022.12.23 දින වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ උක්ත අරමුණ පෙරදැරි කර ගෙන පවත්වන වැඩමුළු මාලාවේ තවත් අවස්ථාවකි.
අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන ) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන් ද, අමාත්‍යාංශ නිලධාරී චමරි රාජමන්ත්‍රී මහත්මියගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් ද මෙම වැඩසටහන පවත්වන ලදී.