සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උකුවෙලකුකුල් පැටවුන් හා පොල් පැළ ලබා දීමේ වැඩසටහනක්.

උකුවෙලකුකුල් පැටවුන් හා පොල් පැළ ලබා දීමේ වැඩසටහනක්.

උකුවෙලකුකුල් පැටවුන් හා පොල් පැළ ලබා දීමේ වැඩසටහනක්. සත්ව පාලනය හා කෘෂි භෝග වගා කිරීමේ කටයුතු සඳහා උනන්දු කරවීමත්, පෝෂණ තත්වය නගා සිටුවීමට මෙන්ම අමතර ආදායමක් ලබා ගැනීමට මග උදාකිරීමේ අරමුණින් කරන ලද ව්‍යාපෘතියේ දෙවන අදියර උකුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් යන දරු දැරියන් සඳහා කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මා/උකු ඇල්කඩුව සිංහල විද්‍යාලය, මා/ ලෑලිඅඹේ ප්‍රාථමික විද්‍යාලය , මප/මා කටුදෙණිය මහා විද්‍යාලය , මා/උකු බෝවත්ත ශ්‍රී සුමංගල විදුහල, මා/ ඕවිලිකන්ද ප්‍රාථමික විද්‍යාලය, යන පාසල්වල අඩු ආදායම්ලාභී පාසල් ළමුන් සඳහා එක් කුකුළු පැටියෙක් කිකිලි පැටවුන් 09ක් සහ පොල් පැළ ලබා ලබාදීම 2022.12.16 වන දින පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමාපිය සහභාගිත්වයෙන් සිදු කෙරිණි. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති, ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ, එච්.එම් .එම්.යූ.බී. හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උකුවෙල ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සැලසුම් අධ්‍යක්ෂ තුමාගේද සහභාගීත්වයෙන් මෙම වැඩසටහනඉතා සාර්ථකව නිමවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook