
පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) තනතුරට ජී.යූ.කේ.ඒකනායක මහතා පත් කෙරේ.
පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) තනතුරට ජී.යූ.කේ.ඒකනායක මහතා පත් කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) තනතුරට අභිනවයෙන් පත් කෙරුණු ගණකාධිකාරී ජී.යූ.කේ. ඒකනායක මහතා පසුගිය (03) පෙරවරුවේ සිය නිල කාර්යාලයේදී සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
වර්ෂ 1993 දී ඒකනායක මහතා රාජ්‍ය සේවයට එක් වන්නේ ශ්‍රී ලංකා විගණන සේවයේ විගණන පරීක්ෂකවරයකු වශයෙනි. ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයට ඔහු එක්වන්නේ වර්ෂ 1996 දී ය. ඒ දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයා ලෙසිනි. අනතුරුව ඔහු මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයා වශයෙන් ද කටයුතු කළේය. 2005 වර්ෂයේදී මධ්‍යම පළාත් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකු වශයෙන් පත් වන ඔහු 2014 වර්ෂයේ දී පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිවරයා වශෙක් පවත්වීම ලබයි .2017 වර්ෂයේදී යි ඔහු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙස පත්ව එන්නේ. පළාත් සභාවේ අධ්‍යක්ෂ (අය වැය) තනතුර ට ඔහුව පත් කෙරෙන්නේ 2018 වර්ෂයේදී යි. නව තනතුරට පත් කෙරෙනේ තෙක් ඔහු එම තනතුරේ කටයුතු කළේ ය.
ඒකනායක මහතා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ 1 පන්තියේ නිලධාරියෙකි.
ඒකනායක මහතා සිය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් පසන් රත්නායක, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංග යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.