සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා පත්කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා පත්කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා පත්කෙරේ. .............................................................................................................................. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා විසින් පත්කොට ඇති අතර ඒ මහතා සියධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගිය (03 ) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි කාර්යාලයේදී සිදු කරන ලදී. මාවනැල්ල මයුරපාද මාධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉංජිනේරු උපාධිය 1997 වර්ෂයේදී ලබාගෙන ඇති වික්‍රමසිංහ මහතා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති ඒ මහතා රාජ්‍ය සේවයට එක් වන්නේ 1999 වර්ෂයේදී මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අඹගමුව ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ලෙසිනි. ඉන් පසුව මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයා ලෙසත්, මැදදුම්බර විධායක ඉංජිනේරුවරයා ලෙසත් කටයුතු කර ඇත. 2002 වර්ෂයේ ව්‍යුහ ඉංජිනේරු පුහුණුව ලබාගෙන අනතුරුව 2004 වර්ෂයේදී වරලත් ඉංජිනේරු ලෙස පත්වීම් ලැබ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ව්‍යුහ ඉංජිනේරුවරයෙකු ලෙස සුදුසුකම් සපුරා ගෙන ප්‍රධාන ව්‍යුහ ඉංජිනේරු ලෙස මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ව්‍යුහ නිර්මාණ අංශයේ කටයුතු කර ඇති අතර , නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැලසුම් ), නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (පුහුණු ) ලෙසින් ද කටයුතු කර ඇති ඒ මහතා 2021 වර්ෂයේදී පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලබයි. මොහු මහනුවර නගරයේ පවතින අවදානම් ගොඩනැගිලි සමබන්ධව පත්කළ විද්වත් කමිටුවේ සභාපතිවරයා ද වේ. රාජ්‍ය සේවයේ වසර 24 ක අත්දැකීම් ඇති වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා ) ලෙස පත්වීම් ලැබ සිය රාජකාරි කටයුතු 2023 ජනවාරි 03 වන දින ආරම්භ කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook