
මධ්‍යම පළාත් සභාවේ අභිනව ආදායම් කොමසාරිස් ලෙස සී.ඒ.සුගතදාස මහතා පත්කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ අභිනව ආදායම් කොමසාරිස් ලෙස සී.ඒ.සුගතදාස මහතා පත්කෙරේ.
..............................................................................................................................................
මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ලෙස සී.ඒ.සුගතදාස මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා විසින් පත්කොට ඇත. ඒ මහතා සිය පත්වීම ලිපිය භාර ගැනීම ඉකුත්දා (02) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුකරන ලදී.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යාවේදී ගෞරව උපාධිය හා පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි.
1999 වර්ෂයේ දී සැලසුම් හා වැඩසටහන් නිලධාරියෙකු ලෙස මධ්‍යම පළාත් සෞබ්‍යය සේවා දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව සිය රාජ්‍ය සේවා කටයුතු ආරම්භ කරන සුගතදාස මහතා, 2005 වර්ෂයේදී තක්සේරු කරුවෙකු ලෙස මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට එක්වේ. 2015 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු ලෙසත් , එම වර්ෂයේදීම නියෝජ්‍ය කොමසාරිස් (වැ.බ) තනතුරට පත්වන ඒ මහතා 2021 වර්ෂයේදී නියෝජ්‍ය කොමසාරිස් ලෙස රාජකාරි කටයුතු සාර්ථකව සිදු කර 2023 වර්ෂයේදී මධ්‍යම පළාත් ආදායම් කොමසාරිස් ලෙස පත්වීම් ලබයි.