සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභාවේ  ප්‍රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජගත් අධිකාරි මහතා පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී ඊයේ (04) සුභ මොහොතින් වැඩ භාර ගනු ලැබීය. මාතලේ දිස්ත්‍රික්කයේ උපත ලද ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිලිබඳ විශේෂ උපාධිය හා පශ්චාත් උපාධිය ලබා ගනිමින් පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇත. සිය රාජකාරි කාලය තුළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස (යටවත්ත), සමෘද්ධි සහකාර කොමසාරිස් ලෙස(මාතලේ) මෙන්ම ප්‍රාදේශීය ලේකම් (යටවත්ත)ලෙසත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තනතුරට පත්වීමට ප්‍රථම මධ්‍යම පළාත් සභාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ලදී. චීනය, ජපානය, තායිලන්තය, කොරියාව, සිංගප්පූරුව හා මැලේසියාව වැනි රටවල විශේෂ පුහුණු වීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යනයන් සිදු කර ඇති ජගත් අධිකාරී මහතා පරිපාලන සේවයේ වසර 20 කට අධික කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිළධාරියෙකු වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook