
මධ්‍යම පළාත් නව ඉඩම් කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝෂා විජේතුංග මහත්මිය වැඩ භාර ගනී.
මධ්‍යම පළාත් නව ඉඩම් කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝෂා විජේතුංග මහත්මිය වැඩ භාර ගනී.
.................................................................................
මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ලෙස මනෝෂා විජේතුංග මහත්මිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත්කොට ඇති අතර ඒ මහත්මිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ඊයේ (04) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී සිදු කරන ලදී.
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භූගෝල විද්‍යාව විශේෂවේදී උපාධියත් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ටික විද්‍යා අංශයෙන් සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් (master of development practices) ලබාගෙන ඇති මනෝෂා විජේතුංග මහත්මිය රාජ්‍ය සේවයට එක් වන්නේ 2010 වර්ෂයේදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) ලෙසිනි.
ඉන් අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර ඉඩම් කොමසාරිස් ලෙස හා නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් ලෙස සේවය කොට ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 12ක අත්දැකීම් සහිත නිලධාරිනියක් වේ.