
අධ්‍යාපන පරිපාලනයට නව ප්‍රතිසංස්කරණ.
අධ්‍යාපන පරිපාලනයට නව ප්‍රතිසංස්කරණ.
අධ්‍යාපනය මෙරට ප්‍රමුඛතම මාතෘකාවක් වන බවත්, සියලු දේශපාලන බලවේග ඒ බව සිහි තබා ගැනීම වැදගත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටී. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය නව දිශානතියක් කරා යොමු කොට එහි ඵලදායිතාව ඔප් නැංවීම අත්‍යවශ්‍ය බව ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා ඊට අදාළ ව දක්වන උනන්දුව අගය කළ යුතු බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාතට අදාළ සම්මන්ත්‍රණයේ මුලසුන දරමිනි. පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (04) පෙරවරුවේ පැවති මේ සම්මන්ත්‍රණය පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක කහගල සීලානන්ද හිමියන්ද සම්මන්ත්‍රණයට සහභාගී වූහ. ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ යන මහත්වරු ද, එම්. රමේශ්වරන් හා එම්. වේළු කුමාර් යන මහත්වරු ද මධ්‍යම පළාතේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස මෙයට එක්ව සිටියහ. එසේම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා හා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න මහත්මිය ද, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ද සමඟ පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හා මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ද, සැලසුම් අධ්‍යක්ෂවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
රේඛීය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අංශ 09 ක් මූලිකව හඳුනා ගැනේ. ඉන් අවධාරණය කරන කරුණු 14කි. අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ අවස්ථා 07 ක් යටතේ සඳහන් කෙරේ. ඒ පාසල් පොකුරු නිර්මාණය, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප තාර්කීකරණය , පාසල් පැතිකඩ, පළාත් දෙපාර්තමේන්තු හා කලාප කාර්යාල ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම හා විෂය පාදක ගුරු සංසද වශයෙනි.
පළාතේ දැනට ක්‍රියාත්මක කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 15 සිට 20 දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරෙන්නේ ඊට අනුකූලව ය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 08 කින් ද , මාතලේ දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 05 කින් ද, නුවරඑළිය දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 07 කින් ද සමන්විත වනු ඇත.
මහජන නියෝජිතයන් හා පළාත් අධ්‍යාපන බලධාරීන් මෙහිලා එකඟ වූ කරුණු හා යෝජනා රේඛීය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා මෙම නව වැඩ පිළිවෙලේ සංයුතිය හා අරමුණ පැහැදිලි කළේ ය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්.එස්.ඩී. දිසානායක මහතා එහි දැක්වෙන කරුණු සාකච්ඡාව සඳහා යොමු කළේ ය.