සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

75 වන නිදහස් සමරුව වෙනුවෙන් වික්ටෝරියා වේල්ලේ මහා පිරිත සජ්ජායනාවක්.

75 වන නිදහස් සමරුව වෙනුවෙන් වික්ටෝරියා වේල්ලේ මහා පිරිත සජ්ජායනාවක්. පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන ශ්‍රිලංකාවේ 75 වන නිදහස් සමරු උළෙලේ ජාතික උත්සවයට සමගාමී ව පළාත් මට්ටමෙන් ද සැමරුම් උළෙල ඉතා අභිමානයෙන් සැමරීමට සැලසුම් කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මග පෙන්වීම මත රටට සහ රට වැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් නිදහස් චතුරශ්‍රයේ පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සමගාමිව පළාත් මට්ටමින් මහා පිරිත් දේශනාවන් සහ සර්ව ආගමික වතාවත් පැවැත්වීමටත් , සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ට්මින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහන් 75 ක් බැගින් සංවිධානය කිරීමටත් යෝජිතවේ. ග්‍රාමීය ආර්ථික පුනර්ජිවන හා ආහාර සුරක්ෂිතතා කමිටු 75 ක් , හොදම ගෙවතු 75 ක් සහ හොදම ශ්‍රමදාන වැඩසටහන් 75 ක් තෝරා ත්‍යාග සහ සහතික බෙදා දීමටත් පියවර ගැනේ. ගංගා ඉවුරු , වැව් හා ජලාශ අවට, මහාමාර්ග හා වාරිමාර්ග දෙපස ,රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ කාර්යාල හා කර්මාන්ත ශාලා පරිශ්‍ර හා සෑම ගෘහයකම රුක් රෝපණය කිරීමටත් කටයුතු කෙරේ. මේ සදහා ශ්‍රමදාන වැඩසටහන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ට්මේන් ප්‍රජා සහභාගිත්වයෙන් සංවිධානය කෙරේ. දිස්ත්‍රික් මට්ට්මේ ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් හා චාම් ලෙස පැවැත්වීමට සැලසුම් කෙරේ. මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ආගමික වැඩසටහන් වික්ටෝරියා වේල්ල මත මහා පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමටත් , හින්දු ආගමික වතාවත් මහනුවර කටුකැලේ සෙල්ල විනයාගර් කෝවිලේදීත්, ඉස්ලාමිය ආගමික වතාවත් මහනුවර මීරා මක්කම් පල්ලියේ දීත්, කිතුනු ආගමික වතාවත් මහනුවර ශාන්ත අන්තෝනි පල්ලියේ දීත් පැවැත්වීමට නියමිතවේ. මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය පල්ලේකැලේ ශ්‍රීලංකා යුධ හමුදා රයිෆල් බලකා මුලස්ථාන පරිශ්‍රයේ දී පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 දා පෙරවරු 8.30 ට ආරම්භ කෙරේ. මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික් උත්සව ඒ ඒ දිස්ත්‍රික් ලේකම් වරුන් විසින් සංවිධානය කෙරේ. මෙම සංවිධාන කටයුතු පිළිබද මුලික සාකච්ඡාවක් අද පස්වරුවේ මහනුවර ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ දී පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු මෙම කාර්ය හා සම්බන්ධිත සියලු ආයතන වල ප්‍රධානින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook