
අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.
අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.
ගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (4) පැවැත්විය. මෙහිදී දේශීය නිෂ්පාදන විදේශීය වෙළදපොල තුල වඩා ගුණාත්මක අයුරින් අලෙවිකිරීමේ ඇති වැදගත්කම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වාදීම සිදු වු අතර, ඒ ඔස්සේ රට තුලට විදේශ විනිමය ගෙනඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද පළාත් ආණ්ඩුකාරවරයා පැහැදිලි කරමින්, නව ක්‍රමවේදයන් ඔස්සේ දේශීය නිෂ්පාදන සැකසීමේ අවශ්‍යතාවය පෙන්වා දීම සිදුවිය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ද GREEN GLOBAL ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද එක් විය.