සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක් සදහා අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක් සදහා අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක් සදහා අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ. මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන සදහා වන අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (4) පැවැත්විය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාවරයා සදහන් කර සිටියේ, පත්වීම් ලබා හුදෙක් තනතුරේ හැසිරීමට සීමා නොවී තම තනතුරේ රාජකාරී කටයුතු නිසියාකර ඉටුකිරීමට සිදුකළ යුතු බවත්, ව්‍යවස්ථාපිත ආයතන සතු ව පවතින කාර්යභාරය සුුළු පටු නොවන එකක් බවත් මනා අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් බවත් ය. තවද ජනතාව පෙරට වඩා ක්‍රියාකාරීව මෙම ආයතනවල ක්‍රියාවන් දෙස අවදානයෙන් සිටින බවත් රට මුහුණ දෙන අභියෝගය තේරුම් ගනිමින් මෙම ලැබෙන අවස්ථාව රට වෙනුවෙන් කැපවීමට ලද අවස්ථාවක් ලෙස සලකන ලෙසයි. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මින් ද එක් සිටියේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook