
දෙල්තොට මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ 2022 ත්‍යාග හා වර්ණ ප්‍රදානෝත්සවය
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා හැත්තෑ පස් වසරක් ගත වුව ද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට අප අපොහොසත් වී ඇති බව ද, සෙසු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේම බව ද , වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ජාතික වැඩපිළිවෙලක් මේ දිනවල දියත් කරමින් සිටින්නේ මෙයට සාධනීය පිළිතුරක් වශයෙන් බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටී.
මේ යටතේ පොකුරු පාසල් ඇතිකිරීමට යෝජිතව ඇති බවත් , යටි තල පහසුකම් ආදියෙන් තොරව ජාතික පාසල් නම් කිරීම උචිත නො වන බවත් ආණ්ඩුකාර ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
දෙල්තොට මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ 2022 ත්‍යාග හා වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනු යි ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ.
පාසල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක පිහිටා තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ බවත්, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් හරහා එහි අයිතිය පාසැල වෙත ලබා දීමේ එකඟතාව ලබා ගන්නා බවත් ය.
විදුහල්පති ෆයිසාල් මොහොමඩ් මහතා ද අදහස් දැක්වී ය.
යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසීම් මුක්තාර් මහතා ද, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුස්ලිම් පසල් භාර නිලධාරීහු ද, අවට පාසල් කිහිපයක විදුහල්පතිවරු ද, පාසලේ ආචාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
2019 වසරේ සිට 2022 වසර දක්වා අධ්‍යාපනික හා ක්‍රීඩා ක්ෂේත්‍ර යටතේ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට ත්‍යාග , සහතික පත් හා වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.