සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මැද රට දිරිය දරුවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී 2022 වර්ෂයේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 36 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දක්වූ මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ලබාගත් මැදරට දිරිය දරුවන්හට තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී සිදුකරන ලද අතර ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අමතරව ඔවුන්ගේ පුහුණුකරුවන්, කණ්ඩායම් භාර ගුරු භවතුන්, විදුහල්පති වරුන්, කලාප අධ්‍යාපන ක්‍රිඩා අධ්‍යක්ෂවරුන් , ගුරු උපදේශකයින් හා සම්පත්දායකයින් ඇතුළු 1200 දෙනෙකු මෙහිදී ඇගයීමට හා සම්මානයට ලක් කෙරින. මෙම උත්සවයට සමගාමිව මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අරමුදලක් පිහිටුවීමට ද පියවරගෙන පැවති අතර, පළාතේ ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවාව අගයමින් විශිෂ්ඨ පුහුණුකරුවන් සිව් දෙනෙකු විශේෂ සම්මානයෙන් පිදුම් ලැබිය. ඒ අනුව සුසන්ත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා ), සංජිව වීරක්කොඩි (මලල ක්‍රීඩා ), අනුර බණ්ඩාර (මලල ක්‍රීඩා ) , සුසන්ත වීරසිංහ (බොක්සිං) යන පුහුණුකරුවන් විශේෂ සම්මානයෙන් පිදුම් ලබිය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම වර්ණ ප්‍රධානය කිරීමේ උත්සවය සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී.අමරසිරි පියදාස , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන යන මහත්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් ,ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook