
දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය .
දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය .
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් මධ්‍යම පළාත් පාසැල්පාදක දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.මෙහි පළමු වැඩසටහන මහ/ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේදී හා දෙවන වැඩසටහන මහ/ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 12 දින ) පැවැත්විණ.
මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදී නීතීවේදී ගාමිණි වීජේබංඩාර මහතාගෙන් සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්තාවන් සදහා ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) මහනුවර කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රථමික), එම පාසැල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් හා දෙමාපියන ඇතුළු පිරිසක් සහභාගීවුහ.