
රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්.
රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්.
වර්තමාන ශ්‍රී ලංකාව තුළ කාලීනව දේශීය හා විදේශීය රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත. මධ්‍යම පළාත් රැකියා නියුක්තිකයින්ගේ අනාගත වැඩි දියුණුව වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA ) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කරයි.
එහි තවත් එක් වැඩසටහනක් ලෙස pastry & bakery පාඨමාලාවේ 03 වන කණ්ඩායම ලෙස රැකියා නියුක්තිකයින් 18 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තෝරා ගෙන ඒ වෙනුවෙන් සංවිධානය වූ නව පන්ති ආරම්භය පසුගියදා (11) මාතලේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.
කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එහි කාර්ය මණ්ඩලයේ ද දායකත්වය මත පාඨමාලාවන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.