
"REDA EXPRESS " වෙබ් අඩවිය සදහා ලියාපදිංචියට ඔබටත් අවස්ථාවක්.
"REDA EXPRESS " වෙබ් අඩවිය සදහා ලියාපදිංචියට ඔබටත් අවස්ථාවක්.
මධ්‍යම පලාත තුළ වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය ( REDA ) මගින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.
2023 වර්ෂය වෙනුවෙන් මධ්‍යම පළාත් ව්‍යාපාරිකයින් /ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට (online ) අලෙවි කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන "REDA EXPRESS" නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර එහි ලියාපදිංචි කටයුතු ආරම්භ කිරීම පසුගියදා මහනුවර කලාපීය ආර්ථික සංවර්ධන ආයතන රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.
නවීන ලොව තුළ ව්‍යාපාරිකයින්ගේ අලෙවි අවස්ථා පුළුල් කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙමගින් හිමිවේ. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි නිලධාරි මණ්ඩලයේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන දියත් කෙරේ.