සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

8 වන ලෝක ජම්බෝරියේ හේමමාලි නාමය ලියවේ.

8 වන ලෝක ජම්බෝරියේ හේමමාලි නාමය ලියවේ.

8 වන ලෝක ජම්බෝරියේ හේමමාලි නාමය ලියවේ. 2023.01.04 සිට 2023.01.10 දක්වා ඉන්දියාවේ රාජසථාන්නුවර දී පැවැත්වූ 8 වන ලෝක ජම්බෝරිය නියෝජනය කිරීම සදහා සහභාගී වූ 5 වන මහනුවර හේමමාලි බාලිකා විද්‍යාල දක්ෂිකාව වූ S.M.D.A. ඇලිකේවෙල බාලදක්ෂිකාවට විදුහලෙන් උපහාර පිදේ. වසර 115 ක් වූ හේමමාලි බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් බාලදක්ෂිකා නායිකාවක් ජාත්‍යන්තර ජම්බෝරියකට සහභාගී වූ පළමු අවස්ථාව ලෙස මෙම නියෝජනය ඉතිහාසයට එක් වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ සාමාජිකාවන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ අතර ඉන් දියණියන් තිදෙනෙක් මධ්‍යම පළාත නියෝජනය කළාය. ඒ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ දියණියන් දෙදෙනා වුයේ සනාරා සෙනවිරත්න සහ සාවින්දී ඇල්ලේපොල යන දියණියන් ය. මෙම ජම්බෝරිය සදහා කණ්ඩායම් නායිකාවන් 5 දෙනෙකු සහභාගි විය.හේමමාලි බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා නායිකාව වන්නේ කාංචනා අමුණුගම මහත්මියයි. විද්‍යාලාධිපතිනි තුෂාරා ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවති අභිමානවත් උත්සවයේ දී තම විද්‍යාලයට ආඩම්බරයක් ගෙන ඒමට හැකිවීම පිලිබදව මහත් සතුටක් බවත් , තමා හේම මාලි නාමය ජාත්‍යන්තරයට ගෙන් යාමට කැපවන බවත් ,ඒ සදහා බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් ප්‍රවේශයක් බවත් ඇලිකේවෙල දියණිය ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට විද්‍යාලිය ආචාරය මණ්ඩලය සහ හේමමාලි දියණිවරුන් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook