සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කෙරුණු විල්සන් දයානන්ද මහතා  රාජකාරි කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කෙරුණු විල්සන් දයානන්ද මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයට අභිනවයෙන් පත් කෙරුණු විල්සන් දයානන්ද මහතා ඊයේ (23) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අමාත්‍යාංශ පරිශ්‍රයේ සිය නිල කාර්යාලයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළේ ය. දයානන්ද මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම තනතුරට පත් කිරීමට ප්‍රථම ඒ මහතා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. පොළොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද දයානන්ද මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා රාජ්‍ය සේවයට එක් වන්නේ ශ්‍රී ලංකා ගුරු සේවය ඔස්සේ ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයට දයානන්ද මහතා එක් වන්නේ වර්ෂ 1998 දී යි. අනතුරුව ඔහු සහකාර ඉඩම් කොමසාරිස්වරයකු ලෙස කොළඹ හා අනුරාධපුර ප්‍රදේශ විෂයෙහි සේවය කළේ ය. මැදිරිගිරිය හා දොළුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ද ඉනික්බිතිව ඔහු කටයුතු කොට තිබේ. හිඟුරක්ගොඩ හා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස ද කටයුතු කළ ඔහු දොළුව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පත් කෙරෙන්නේ අදින් දෙවසරකට පමණ පෙරාතුව ය. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට හා සවිමත් කිරීමට ඔහු දරූ තැත ප්‍රශංසනීය ය. දයානන්ද මහතා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය ද, පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය මහතා හා පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජී. ඒකනායක මහතා ද, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ද ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද , පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook