සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයට පත් කෙරුණු කුමුදුනී එස්.ප්‍රේමචන්ද්‍ර මහත්මිය රාජකාරි  කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයට පත් කෙරුණු කුමුදුනී එස්.ප්‍රේමචන්ද්‍ර මහත්මිය රාජකාරි කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයට අභිනවයෙන් පත් කෙරුණු කුමුදුනී එස්.ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය (23) පෙරවරුවේ කොමිෂන් සභා පරිශ්‍රයේ සිය නිල කාර්යාලයේ දී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය. ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. මෙම ධුරයට පත් කිරීමට පෙරාතුව ඇය 2021 වර්ෂයේ සැප්තැම්බර් මස සිට පළාත් සභාවේ සභා ලේකම් ධුරය දරමින් සිටියා ය. ඊට ප්‍රථම ඇය දරමින් සිටියේ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) තනතුර යි. ඇය මහනුවර උසස් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇය එක් වන්නේ 2000 වර්ෂයේදී ය. එහි විශේෂ ශ්‍රේණියට ඇය පත්වන්නේ 2021 වර්ෂයේ ජුලි මස දී යි. නව තනතුරට පත් වීමට ප්‍රථම ඇය රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරු ගණනාවක් ම හෙබවූවා ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook