සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නිපුණතාවට  ඇගැයීමක්  -  කිරි ගොවිපල සහයක පාඨමාලාවේ  සහතික පත් පිරිනැමේ.

නිපුණතාවට ඇගැයීමක් - කිරි ගොවිපල සහයක පාඨමාලාවේ සහතික පත් පිරිනැමේ.

නිපුණතාවට ඇගැයීමක් - කිරි ගොවිපල සහයක පාඨමාලාවේ සහතික පත් පිරිනැමේ. මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන කිරි ගොවිපල සහායක පාඨමාලාවේ NVQ සහතිකපත්‍ර ලබා දීම ඊයේ (24) ගන්නෝරුව අඛණ්ඩ අධ්‍යාපන ආයතනයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩී.ඩබ්.දයානන්ද යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙහිදී අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කියා සිටියේ මෙම පාඨමාලාව හේතුවෙන් පාසැල් අධ්‍යාපනය නිම කළ රැකියා අහිමි තරුණ තරුණියන් වෙත කිරිගව පාලන ක්ෂේත්‍රය ආශ්‍රිත දේශීය, විදේශීය රැකියා අවස්ථා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා සැලසෙන බව යි. එමෙන්ම තරුණ ප්‍රජාව ව්‍යවසායකයන් ලෙස ගොඩ නැංවීමට අවශ්‍ය දැනුම හා කුසලතාව ලබා ගැනීමේ ස්ථානයක් දෙපාර්තමේන්තුව මෙසේ නිර්මාණය කිරීම තමා බෙහෙවින් අගය කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය. ෆාම්කෙමි ආයතනයේ අධ්‍යක්ෂවරයා ද කිරි ගව පාලන ක්ෂේත්‍රය තුළ නිපුණ ශිල්පීනට ඇති අවකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වී ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook