
මධ්‍යම පළාතේ ඉංජිනේරු සේවා කටයුතු විධිමත් කිරීමට නව සැලැස්මක් .
මධ්‍යම පළාතේ ඉංජිනේරු සේවා කටයුතු විධිමත් කිරීමට නව සැලැස්මක් .
මධ්‍යම පළාතේ ඉංජිනේරුමය සේවා කටයුතු විධිමත් කිරීම සදහා නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් 25දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත් වින.
පළාත තුළ දැනට සිදු කරනු ලබන ඉංජිනේරුමය කාර්යයන් වඩා විනිවිධභාවයෙන් හා කාර්යක්ෂමව ලබාදීම සදහාත් , පළාතේ සංවර්ධන කටයුතු සහ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම සදහා සියලුම අමාත්‍යංශ විෂයපතයන් ඒකාබද්ධ කරමින් වැඩි දායකත්වයක් ලබාදිය හැකි ලෙස නව පෙළගැස්මක් සහිතව ඉංජිනේරුමය සේවා කටයුතු පවත්වා ගැනීම පිළිබදව මෙහිදී දීර්ග වශයෙන් කරුණු සාකච්ජාවට බදුන් විය.
මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම්වරුන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සෞබ්‍යය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.