
මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන ආරෝග්‍යශාලා සහයකයින්ගේ පවතින වෘත්තිමය ගැටළු නිරාකරණය කිරීම සමබන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක්.
මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන ආරෝග්‍යශාලා සහයකයින්ගේ පවතින වෘත්තිමය ගැටළු නිරාකරණය කිරීම සමබන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක්.
මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ ආරෝග්‍යශාලා සහයකයින්ගේ පවතින වෘත්තිමය ගැටළු නිරාකරණය කිරීම සමබන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක් 25 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත් වින.
මෙම තනතුරට අදාලව පවතින ආයතනික පරිපාලනමය ගැටළු විසදා ගැනීමෙන් අනතුරුව අනෙකුත් පළාත් සභාවල පවතින ක්‍රියා පිළිවෙත් ද සැලකිල්ලට ගනිමින් පවතින වෘත්තිමය ගැටළු නිරාකරණය සදහා අවශ්‍ය පියවර ගැනීමට මෙහිද එකගත්වය ලබාදීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි ප්‍රේමචන්ද්‍ර , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන ) ජගත් අධිකාරි , සත්ත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.රාජනායක යන මහත්ම මහත්මීන් , දිස්පැන්සරි සහයකයින්ගේ වෘත්තිය සමිතියේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.