හේවාවිස්ස කනිෂ්ඨයේ දරුවෝ වෙස් බඳිති.
හේවාවිස්ස කනිෂ්ඨයේ දරුවෝ වෙස් බඳිති.
පාතහේවාහැට අධ්‍යාපන කොට්ඨාශයට අයත් හේවාවිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් අට දෙනෙකුට වෙස් බැඳීමේ සහසිසු දැරියන් දහසය දෙනෙකුට ශීර්ෂාභරණ පැළඳවීමේ අභිෂේක මංගල්‍යය පසුගිය 26 වනදා දින විද්‍යාලයීය පරිශ්‍රයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දරුවන් පනස් නව දෙනෙකුගෙන් යුතුව බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පවත්වා ගෙන යනු ලබන මෙම විද්‍යාලය සමස්ත මධ්‍යම පළාතටම පූර්වාදර්ශයක් ලබා දී ඇති බවත්, හෙළයනට උරුම සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් ඒවා අනාගතයට පවරා දීමේ ජාතික වගකීමට විද්‍යාලය උරදෙන බවත් අවධාරණය කළ ආණ්ඩුකාරවර ගමගේ මහතා විදුහල්පතිනිය හා නර්තන ආචාර්යවරිය ඇතුළු පාසල් ප්‍රජාවගේ කැපවීම බෙහෙවින් අගය කළේ ය. ගැමි දරුවන් වෙතින් පිළිබිඹු වන අති සංවේදී බව කලාවේ අභාෂයෙන් තවදුරටත් පොහොසත් වන බව ද ආණ්ඩුකාරවර ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ විරෝධී උපද්‍රව ආදියෙන් ඔවුන්ව මුදවා ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක් වන්නේ යැයි ද අනතුරුව ආණ්ඩුකාරවර ගමගේ මහතා පෙන්වා දුන්නේ ය.
මේ අවස්ථාවට පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි,සෞන්දර්ය අධ්‍යක්ෂ මහානාම දිසානායක, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල යන මහත්ම මහත්මීහු ද, ආරාධිතයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
විදුහල්පතිනි දිල්හානි වික්‍රමසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ නර්තන විෂය භාර ආචාරිනී යමුනා කුමාරි දිසානායක මහත්මිය මෙම අවස්ථාව සංවිධානය කළා ය.