
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 159 වැනි නිකාය දින මහා උත්සවය ගෙලිඔය, තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී.
නිකායේ 159 වැනි නිකාය දින මහා උත්සවය ගෙලිඔය, තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 159 වැනි නිකාය දින මහා උත්සවය පසුගිය (29) ගෙලිඔය, තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී එහි මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිදාන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ සභාපති හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙයට සමගාමීව කුලදරුවන් සිය දෙනෙකු සසුන් ගත කිරීම ද, පිරිවෙන් අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේට අවශ්‍ය පොත් පත් හා අධ්‍යයන උපකරණ පූජා කිරීම ද සිදු කෙරිණි. එසේම භික්ෂූන් වහන්සේ වෙත සංඝගත දක්ෂිණාවක් සමඟ දානමය පුණ්‍ය කර්මයක් ද සිදු කරන ලදී.
මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.