සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ  ආගමික වැඩසටහන් පෙළක්.

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් පෙළක්.

මධ්‍යම පළාත් සභාව හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් පෙළක් පසුගිය 2 දින පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දී පැවැත්විණි. හින්දු ආගමික වතාවත් පැවැත්වූයේ මහනුවර කටුකැලේ සෙල්වවිනායගර් කෝවිලේදී ය. ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වූයේ මහනුවර මීරාමක්කම් පල්ලියේදී ය. කිතුණු ආගමික වතාවත් පැවැත්වූයේ මහනුවර , කොටුගොඩැල්ල වීදියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ය. මේ අවස්ථා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook