සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වික්ටෝරියා ජලාශයේ වේල්ල මත පැවැත්වුණු පරිත්‍රාංග  ධර්ම දේශනයට  සහභාගී වූ මහා සංඝරත්නය වෙත උදෑසන හීල් දානය පිරිනැමීම

වික්ටෝරියා ජලාශයේ වේල්ල මත පැවැත්වුණු පරිත්‍රාංග ධර්ම දේශනයට සහභාගී වූ මහා සංඝරත්නය වෙත උදෑසන හීල් දානය පිරිනැමීම

75වන ජාතික නිදහස් දින සැමරුම නිමිති කොට ගෙන පසුගිය (02) රාත්‍රී වික්ටෝරියා ජලාශයේ වේල්ල මත පැවැත්වුණු පරිත්‍රාංග ධර්ම දේශනයට සහභාගී වූ මහා සංඝරත්නය වෙත උදෑසන හීල් දානය පිරිනැමීම පසුගිය (03) සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අයත් කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයේ දී සිදු කෙරිණි. මධ්‍යම පළාත් සභාව හා එහි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම දානමය පුණ්‍ය කර්මය සංවිධානය කළේ ජාතික කලා නිකේතනයේ කාර්ය මණ්ඩලයේ ද සහය ඇතිව ය. බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල යන මහත්ම මහත්මීහු ද, ඒ ඒ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook