සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආයුර්වේයේ පංච කර් ම ඒකකය රෝගී සත්කාරයට.

මධ්‍යම පළාත් ආයුර්වේයේ පංච කර් ම ඒකකය රෝගී සත්කාරයට.

මධ්‍යම පළාත් ආයුර්වේයේ පංච කර් ම ඒකකය රෝගී සත්කාරයට. 75 වන නිදහස් සැමරුමට සමගාමී ව නවීකරණය කරන ලද ආයුර්වේද පංච කර් ම ඒකකය පසුගියදා පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් රෝගී සත්කාරයට පවරනු ලැබිය. පළාත් ආයුර්වේද රෝහලට අඩුපාඩුවක් ව පැවති පංච කර්මැ ඒකකය රෝහලේ වාට්ටු අංක 01 හා 02 යන කොටස් භාවිතයට ගනිමින් පිරිමි හා කාන්තා වශයෙන් ඛාණ්ඩ දෙකක් ලෙස ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සහිත වේ. දිනපතා බාහිර රෝගී සායන සදහා දහසකට ආසන්න පිරිසක් සහ නේවාසිකව රෝගීන් 250 කට වැඩි පිරිසක් ද පල්ලේකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනේ. මෙහිදී ඉතා ප්‍රමිතියෙන් යුතු ආයුර්වේද ඖෂධ නොමිලේ ලබා දීමටත් , අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. මධ්‍යම පළාතේ පමණක් නොව පර්යන්ත හා දිවයිනේ විවිධ පළාත් වලින් මෙම රෝහලේ ප්‍රතිකාර සදහා රෝගීන් පැමිණේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook