සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ප්‍රතිපත්තියක් නොමැතිකම - ප්‍රතිපත්තියක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි .- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ.

ප්‍රතිපත්තියක් නොමැතිකම - ප්‍රතිපත්තියක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි .- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ.

ප්‍රතිපත්තියක් නොමැතිකම - ප්‍රතිපත්තියක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි .- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ. ප්‍රතිපත්තියක් නොමැතිකම - ප්‍රතිපත්තියක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී (22) අදහස් දක්වමිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී විදුහල්පති ශ්‍රේණිධාරීන් වර්තමානය වන විට මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, ස්ථාන මාරු ක්‍රමවේදය විධිමත් කිරීම, විදුහල්පති තනතුරු සදහා නිලධාරීන් පත්කරගැනීමේදී මතු ව පවතින ගැටලුකාරී වතාවරණය, දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු, සිය තනතුරේ රාජකාරී සදහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම වැනි කරුණු එහිදී ප්‍රමුඛ විය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, පවතින වෘත්තීමය ගැටලු සදහා නිසි අධ්‍යයනයක් සිදු කර විසදුම් ලබාදීමේ අවශ්‍යතාවය පවතින බවත්, සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් ස්වාධීන වු විසදුමක් කරා යොමු වීම අවශ්‍යව පවතින බවත් ය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති ශ්‍රියලාල් ප්‍රේමානන්ද යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook