සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 පළාත් පාලන ආයතන වල කාර්යය  මණ්ඩල නිළධාරින් දැනුවත් කිරීමේ ආරම්භක පුහුණු වැඩමුළුවක්.

පළාත් පාලන ආයතන වල කාර්යය මණ්ඩල නිළධාරින් දැනුවත් කිරීමේ ආරම්භක පුහුණු වැඩමුළුවක්.

2023 වර්ෂයේ මධ්‍යම පළාතේ පවතින පළාත් පාලන ආයතන වල කාර්යය මණ්ඩල නිළධාරින් දැනුවත් කිරීමේ ආරම්භක පුහුණු වැඩමුළුව පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරින. පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම පුහුණු වැඩසටහන් සංවිධානය වන අතර මෙම වර්ෂයේ පළමු වැඩසටහන ලෙස පළාත් පාලන ආයතනයක වර්ෂය අවසානයේ පිළියෙල කරන අවසන් ගිණුම නිවැරදිව හා නියමිත කාලයට ගිණුම් ගත කර අවසන් කරගැනීම පිළිබඳව පළාත් පාලන ආයතන වල විෂය නිළධාරින් හා විමර්ශන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය වී පැවතුනී. මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේනේතුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook