සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කෙරේ.

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කෙරේ.

මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලයේ වීරෝදාර සෙන්පතියකු වූ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කෙරේ. වර්ෂ 1815 මාර්තු මස 02 වන දින උඩරට ගිවිසුම අස්සන් කිරීමට පෙර ඉහළට එසවූ බ්‍රිතාන්‍ය ජාතික ධජය බිම හෙලා ස්වකීය ජාති වාත්සල්‍යය ප්‍රකට කළ ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක් සේ උන් වහන්සේ ගෞරවාදරයට ලක් වේ. අද දින (02) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා මහමළුවේ පැවැති මේ වැඩසටහන පැවැත්වූයේ මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙනි. එසේම ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ බස්නායක නිලමේවරුන්ගේ සහභාගීත්වයෙනි. මහනුවර නගරාධිපති කේසර සේනානායක හා හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ,ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. එමෙන්ම මහනුවර ධර්මරාජ, මහාමායා, පුෂ්පදාන, හේමමාලි, වාරියපොළ සුමංගල,විහාර මහා දේවි හා ඩී.එස්.සේනානායක යන පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් පිරිසක් ද මේ හා එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook