සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත තුළ හෝටල් ක්ෂේත්‍රයට  ස්ථානයන් හා ප්‍රාදේශීය මගපෙන්වන්නන් ස්ථානීය  මගපෙන්වන්නන් ,සෆාරි රියදුරන්ගේ තොරතුරු මෘදුකාංගයක් වෙත ඇතුලත් කිරීමේ වැඩසටහනක්.

මධ්‍යම පළාත තුළ හෝටල් ක්ෂේත්‍රයට ස්ථානයන් හා ප්‍රාදේශීය මගපෙන්වන්නන් ස්ථානීය මගපෙන්වන්නන් ,සෆාරි රියදුරන්ගේ තොරතුරු මෘදුකාංගයක් වෙත ඇතුලත් කිරීමේ වැඩසටහනක්.

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයන් සහභාගී කර ගනිමින් පළාතේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය ආයතනයකි. පළාතේ සුළු, කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා විවිධ පුහුණු වැඩ සටහන් නංවනු ලබයි. ඒ අනුව කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් හා එක්ව මධ්‍යම පළාත තුළ හෝටල් ක්ෂේත්‍රයට අයත් ( හෝටල්,සංචාරක බංගලා,රෙස්ටුවරන්ට් ,ගෙස්ට් හවුස්, හෝම් ස්ටේ ) ස්ථානයන් හා ප්‍රාදේශීය මගපෙන්වන්නන් ස්ථානීය මගපෙන්වන්නන් ,සෆාරි රියදුරන්ගේ තොරතුරු මෘදුකාංගයක් වෙත ඇතුලත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.එහි තවත් අදියරක් ලෙස 2023 වර්ෂයේ මාර්තු මස 02 දින දඹුල්ල ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්විණි. එදින බොහෝ පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගේ තොරතුරු ලබාගෙන ලියාපදිංචි කටයුතු සිදු කර ගන්නා ලදී. මෙමගින් නවීන ලොව තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රය වැඩි දියුණුවට මෙන්ම ව්‍යවසායකයින්ගේ තොරතුරු හුවමාරුව,තොරතුරු ජාල ගත වීම, ව්‍යාපාරික ලොව තුළ නව සබඳතා ගොඩ ගොඩනැගී ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වීම.මෙම කරුණු පෙරදැරිව වැඩසටහන ඉතා සාර්ථකව සිදු වන ලදී. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති,ජානක සකලසූරිය මහතා,අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත නිලධාරී මණ්ඩලයේ ද දායකත්වය අනුව ඉතා සාර්ථකව සිදු විණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook