
EDEX EXPO 2023 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ
නූතන තත්ත්වයනට ගැලපෙන තරුණ වෘත්තිකයන් බිහිකරලීමට අවශ්‍ය පසුබිම අන්තර්ජාතික වශයෙන් සහතික කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරුණ ප්‍රවිෂ්ටය ඉලක්ක කරගත් EDEX EXPO 2023 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ පසුගිය (04) පෙරවරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ඉහළ මහලේ දී ආරම්භ කෙරිණි.
සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයන් වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ය. EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා ප්‍රමුඛ එහි නිලධාරීන් පිරිසක් ද, විදේශ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක නියෝජිතයන් පිරිසක් ද, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රදර්ශනය අදත්, හෙටත් පැවැත්වෙනු ඇත.