සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල  ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ.

ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ.

ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ. ඉන්දියානු රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් වන ‘Study in India’ වැඩසටහන පිලිබදව ලාංකික දරුවන් දැනුවත් කිරීමේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ‘Study in India expo 2023 නමින් පසුගිය 06 දා පෙරවරුවේ මහනුවර ග්‍රන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත්විණ. ‘Study in India’ ව්‍යාපෘතිය හරහා විදේශ රටවල සිසුන්ට ඉන්දියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිලිබදව මහනුවර දී සහ කොළඹ දී දැනුවත් කිරීමට සැලසුම් කොට ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් ප්‍රධානත්වයෙන් ආරම්භ‘ කෙරුණු මහනුවර වැඩසටහනට Study in India’ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී සිටින, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන ලෙස සැලකෙන IIT Madras, IIT Ropar, සහ NIT Silchar වැනි ආයතන ඇතුළු ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන රැසක් එක්වීය. මෙම ප්‍රදර්ශනයේදී ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික සිසුන්ට හා දෙමාපියන්ට උදා ගත හැකි අවස්ථා පිලිබද දැනුවත් කෙරෙණි . ඒ ඒ ආයතන වලින් තම ආයතනයේ අධ්‍යයන අවස්ථා සහ ලබා දෙන විශේෂ සහායන් සහ සහනයන් ප්‍රතිලාභ සහ පහසුකම් පිලිබදව දැනුවත් වීමට මෙම ප්‍රදර්ශණය මහඟු අවස්ථාවක් විය. ප්‍රදර්ශණය ඛාණ්ඩ දෙකක් යටතේ පැවැත්වූ අතර එක් පාර්ශවයක් ලෙස ජාත්‍යන්තර IB සහ බ්‍රිතාන්‍ය විෂය මාලාවන් යටතේ ඉගැන්වීම් සිදුකරන, ඉන්දියාවේ ප්‍රමුඛතම නේවාසික පාසල් 8 ක සහභාගිත්වයෙන් යුක්ත විය . මෙම පාසල් සඳහා 3 ශ්‍රේණියේ සිට ඉහළට සිසුන් ඇතුළත් කර ගැනෙන අතර එම පාසල් බැංගලෝර්, හයිද්‍රාබාද්, මුසූරි සහ දෙහ්රාදූන් යන ප්‍රදේශ වල පිහිටි පආල් වේ. මේ සියලුම පාසල් විශාල භූමිභාගයන්හි පිහිටා ඇති අතර , අති-නවීන පහසුකම් සහිත, ඉහළම තලයේ අධ්‍යාපනයකට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට ද අවස්ථාව සලසා දෙන පාසල් වේ . එමෙන්ම විදේශීය සිසුන්ට හොඳින් ගැළපෙන සුහදශීලී හා ආරක්‍ෂිත පරිසරයක් මෙම පාසල් හා අධ්‍යාපන ආයතන තුළ පවත්වාගෙන යනු ලබයි. චෙන්නායි, වෙල්ලෝර්, බැංගලෝර්, හයිද්‍රාබාද්, පූනේ, දිල්ලි සහ භූබනේශ්වර් වැනි ප්‍රදේශ වල පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30 කට අධික සංඛ්‍යාවක්ද මෙම ප්‍රදර්ශනය සමග එක්ව සිටී. NAAC සහතිකකරණය හිමි මෙම විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන NIRF සහ QS මගින්ද ශ්‍රේණිගත කර තිබේ. ශ්‍රී ලාංකික සිසුන්ට මෙම ආයතන වලදී ඉංජිනේරුකරණය, විද්‍යාව, කළමනාකරණය සහ ලිබරල් අධ්‍යාපනය වැනි විෂය ක්ෂේත්‍ර යටතේ ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇති අතර, සුදුසුකම් සපුරන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව හිමිකර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත. ප්‍රදර්ශනයට සමගාමිව සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන්, ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන විශේෂඥයන් සහ විද්වතුන් සහභාගී වන සම්මන්ත්‍රණ මාලාවක්ද ක්‍රියාත්මක විය . ‘ජාත්‍යන්තර නේවාසික පාසල්: ඔබේ දරුවාගේ අනාගතය හැඩගැස්වීම’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණ පැවැත්විණි. . මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ගොඩගම ශ්‍රී මංගල ස්වාමින් වහන්සේ සහ ඉන්දීය සහකාර මහා කොමසාරිස් ආචාර්ය අතිරා , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල යන මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සහ අධ්‍යයන අපේක්ෂිත දරුවන් සහ දෙමව්පියන් මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook