සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දැනුවත්ව  දිනවමු දරුවන්  මැයෙන් යුතු දෙමාපියන් දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දී.

දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් යුතු දෙමාපියන් දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දී.

පාසල් සිසු ප්‍රජාව අධ්‍යාපනික ජයග්‍රහණ උදෙසා මෙන්ම ඉන් පරිබාහිර ජයග්‍රහණ උදෙසා ද යොමු කරලීමේ දී කල් ඉකුත් වූ පිළිවෙත් මත ම නො පිහිටන , පවත්නා සමාජ හා සංස්කෘතික තත්ත්වයන් සැලකිල්ලට ගන්නා අභිනව වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරන දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් යුතු දෙමාපියන් දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය (09) වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් යග්ගහපිටිය ,දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දී සංවිධානය කොට තිබිණි. දැනුවත්ව දිනවමු දරුවන් වැඩසටහන් පෙළ ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සංකල්පයක් යථාවත් කරමිනි. මෙම වැඩසටහන ද ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා විසිනි. වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ විදුහල්පති සරත් අබේසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය යි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ දීපා රණසිංහ , වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි හා ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අනුෂා ඉලංකෝන් යන මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook