සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය  නිවාරණය තේමා කොට ගෙන සංවිධානය කළ වැඩසටහනක්.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කොට ගෙන සංවිධානය කළ වැඩසටහනක්.

මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කාර්යාලය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහභාගීත්වයෙන් හා හෙල්දි ලංකා ආයතනයේ අනුග්‍රහය සහිතව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කොට ගෙන සංවිධානය කළ වැඩසටහනක් පසුගිය (09) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංවර්ධන පුහුණු ඒකකයේ ශාලා අංක 02 හි පැවැත්විණි. මෙහි ප්‍රමුඛ අරමුණ වුයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියා කරන ගුරු භවතුන් , ගුරු උපදේශකවරුන් ඇතුළු නිලධාරීන් පුහුණු කිරීම ය. වැඩසටහන අවසන අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කියා සිටියේ මෙහි අනාගත ප්‍රතිඵල ආවරණය කෙරෙන ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීම අතිශය වැදගත් වන බව යි. සාර්ථකත්වයේ ප්‍රමාණය ඉන් තහවුරු කර ගත හැකි බව ද ඔහු අවධාරණය කළේ ය. ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී විද්‍යාත්මක ප්‍රවේශයක් මත පිහිටීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු ඉදිරිපත් කළේ ය. වැඩසටහන මෙහෙයවමින් අවශ්‍ය සම්බන්ධිකරණ කාර්යයන් සිදු කරනු ලැබුවේ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක මහතා යි. තවත් මාස තුනකින් මෙහි ප්‍රගතිය විමසා බැලිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. වැඩසටහනට සම්පත් දායකත්වය සැපයුවේ වෛද්‍ය නයනා ධනපාල මහත්මිය යි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යම පළාත් කළමණාකරු බන්දුල විජේරත්න, හෙල්දි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook