
දේශගුණික විපර්යාස සදහා වූ ජාතික අනුහුරු සැලැස්මේ පළාත් සැලසුම් සැකසේ.
දේශගුණික විපර්යාස සදහා වූ ජාතික අනුහුරු සැලැස්මේ පළාත් සැලසුම් සැකසේ..
දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම වල ඉහළ අවදානමකට මුහුණ දී ඇති රටක් ලෙස හා හරිතාගාර වායු විමෝචන අවම රටක් ලෙස ශ්‍රීලංකාවට විය හැකි බලපෑම අවම කිරීමේ සහ අනුහුරු වීමේ ගෝලීය ප්‍රයත්නය ශක්තිමත් කිරීම සදහා ජාතිකව නිර්ණය කල දායකත්වය ශක්තිමත් සහ ඵලදායි කිරීමේ අරමුණෙන් පළාත් මට්ටමෙන් අනුහුරු සැලසුම් සකස් කොට හදුන්වා දීමට පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස කාර්යාලය සැලසුම් කරයි.
එහි මධ්‍යම පළාත් වැඩමුළුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඔක්රේ හෝටලයේදී පැවැත්විණි. මහනුවර , මාතලේ සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කයන් සදහා වූ අනුහුරු සැලසුම සම්පාදනය කිරීම සදහා වූ නිර්නායකයන් ගනනාවක් ඔස්සේ මෙහිදී සාකච්ඡා වට කණ්ඩායම් ගත කොට හදුනා ගනු ලැබිය.
බලශක්ති ජනනය ,වායු විමෝචනය (ප්‍රවාහන ක්‍රියාවලිය මුලිකව ),කාර්මික , වනාන්තර පද්ධති , කසල කලමනාකරණය යන ප්‍රධාන සංරචකයන් ඔස්සේ අනුහුරු සැලැස්ම සම්පාදනය කිරීමට යෝජිත වේ. ජාතික අනුහුරු සැලැස්ම ප්‍රධාන අරමුණු පහක් ඔස්සේ සම්පාදනය කෙරේ.ඒ ජාතික සැලසුම් හා සංවර්ධනයට දේශගුණ විපර්යාස අනුහුරු වීම මුඛ්‍යධාරා කිරීම , 2 දේශගුණ ප්‍රත්‍යාස්ථිතියට හා හිතකර මානව ජනාවාස සදහා අවස්ථා සැලසීම 3 ' ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දේශගුණ විපර්යාසයේ බලපෑම් අවම කිරීම 4'ප්‍රධාන ආර්ථික ධාවක කෙරෙහි දේශගුණික ප්‍රත්‍යාස්ථිතිය වර්ධනය කිරීම 5'ස්වාභාවික සම්පත් හා ජෛව විවිධත්වය දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් ආරක්ෂා කර ගැනීම යන පස් වැදෑරුම් අරමුණු වේ.
පළාත් අනුහුරු සැලසුම් සකස් කිරීමේ වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරබේ ,තොරතුරු තාක්ෂණ උපදේශක ආචාර්ය ප්‍රභාත් ගුණරත්න ,උපදේශක නිමල් ගුණසේන ,රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ නිමල් සිල්වා , ආයතනික නිලධාරී සුමුදු සිල්වා යන මහත්වරුන් එක්වූ අතර , මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් , දිස්ත්‍රික් අතිරේක ලේකම් වරුන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරුන්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුන් , ආයතන ප්‍රධානින් , සහකාර අධ්‍යක්ෂවරුන් , මධ්‍යම පරිසර අධිකාරිය , මහවැලි අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.