
පළාත් පාලන ආයතන කටයුතු නියාමනයට මෙහෙයුම් මැදිරියක්.
පළාත් පාලන ආයතන කටයුතු නියාමනයට මෙහෙයුම් මැදිරියක්.
මාර්තු 19 දින මධ්‍යම රාත්‍රියේ සිට කොමසාරිස් සහ ලේකම් වරුන්ගේ පාලනයට පත් කල මධ්‍යම පළාතේ සියලු පළාත් පාලන ආයතන වල කටයුතු පළාත් ආණ්ඩුකාරවර නිතී ඥ ලලිත් යු ගමගේ මහතාගේ නියමයකට අනුව පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ මුලිකත්වයෙන් යුතුව මෙහෙයුම් මැදිරියක් හරහා නියාමනය කිරීමට තීරණය කෙරේ.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ව්‍යුහය මහා නගර සභා 04 ක් , නගර සභා 06 ක් සහ ප්‍රාදේශීය සභා 37 කින් සමන්විත වේ.
මහජන නියෝජිතයන් ගෙන් සමන්විත කමිටු ක්‍රියාත්මක නොවන අවස්ථාවක ව්‍යවස්ථා නියෝගයන් ප්‍රකාර ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ පුර්ණ බලධාරිත්වය නාගරික කොමසාරිස් වරුන්ට සහ ලේකම් වරුන් ට පැවරේ.
මිට ඉහත දී පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් ගෙන් තොරව පවත්වා ගෙන යනු ලැබූ අවස්ථාවන් හි මහජනතාව ගෙන් ලද තොරතුරු පදනම් ව , ඒ ඒ පළාත් පාලන ආයතනයෙන් ජනතා ඉටු නොවන ජනතා ගැටළු ඍජුවම ඉදිරිපත් කිරීම සදහා පැය 24 පුරාම ක්‍රියාත්මක 070 470 2500 වට්ස් ඇප් දුරකථන අංකය හදුන්වා දෙනු ලැබිය .
මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ ස්ථාපිත දුරස්ථ මෙහෙයුම් මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ව මෙම ක්‍රියාවලිය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වේ.
මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පළාත් ආණ්ඩුකාරවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ආණ්ඩුකාරවර ගමගේ මහතා අවධාරණය කරනු ලැබුවේ ජනතාවට වඩාත් සංවේදීව පවතින නීතිරීති වලට අනුකුලව පළාත් පාලන ආයතන සතු දේපල අවභාවිතයෙන් තොරව පවතින රෙගුලාසි පිළිබද ඉතා පුළුල් අවබෝධයකින් දැනුවත් භාවයකින් නිසි කලට වෙලාවට අදාළ සේවා ලබා දීමේ අවශ්‍යතාවයි.
සභා විසුරුවා හැරීමට පුර්වයෙන් සම්මත කරනු ලැබූ සභා අය වැය ප්‍රකාශයට අනුකුලව සහ 2023. 03 .19 දිනට පෙර ගිවිසුම් ගත සංවර්ධන කටයුතු සදහා පමණක් වියදම් කිරීමේ සීමාවන්ට යටත් ව නිසි කළමනාකරණයකින් යුතුව ඉතා වගකීමකින් සහ වගවිමකින් යුතුව මැතිවරණයක් පවත්වා නව සභාපතිවරයෙක් සහ මන්ත්‍රී මණ්ඩලයක් තෝරා පත් කරගන්නා තෙක් කිසිදු නිලධාරියෙක් සමබන්ධයෙන් චෝදනා තමා වෙත නොලැබිය යුතු බව පෙන්වා දුන් ගමගේ ආණ්ඩුකාරවරයා සාර්ථක ජනතා මෙහෙවරකට සියලු දෙනා ට සුබ පැතුම් ද එක් කරනු ලැබිය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ප්‍රධාන සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්ම මහත්මින් , දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වරුන් සහ නාගරික කොමසාරිස්වරුන් , සභා ලේකම්වරුන් එක්විය .